IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොහුවලදී වෙඩි කෑ තරුණයා දින තුනකට පසු මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොහුවල එස්.ද.එස් ජයසිංහ මාවතේ පුද්ගලික රෝහලක රථ ගාල ඉදිරිපිටදීට වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලද තරුණයා දින තුනකට පසු මියගිය බව කොහුවල පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කළුබෝවිල බෝධිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චන්දිම සචින්ත පෙරේරා නොහොත් අභා නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකි

තුවාල ලද පුද්ගලයා ඉකුත් 22 වැනි දා ත්‍රී රෝද රථයක යමින් සිටියදී යතුරු පැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නයින් එම් එම් වර්ගයේ පිස්තෝල ගිණි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

බරපතල තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරිණි.

 



අදහස් (0)

කොහුවලදී වෙඩි කෑ තරුණයා දින තුනකට පසු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site